ඇතුළත් කරගැනීම්
01. 2023/2025 අ.පො.ස (උ.පෙළ) සදහා නවක සිසුන් බදවා ගැනීම :- 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ හැදැරූ සිසුන්ගෙන් පහත සදහන් සුදුසුකම් සපුරන සිසුන් අ.පො.ස (උ.පෙළ) සදහා බදවා ගනු ලැබේ.
කලා අංශය සදහා :- 2021 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් ගණිතය ඇතුළු විෂයන්ගෙන් 6 ක් සමත්ව සිටීම සහ සම්මාන සමාර්ත 3 ක් ලබා තිබීම. පාසලේ ඉගැන්වෙන විෂයන් වන්නේ, සිංහල, දේශපාලන විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාරය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව.
වාණිජ අංශය :- 2021 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් විෂයන් ගණිතය ඇතුළු විෂයන් 6 ක් සමත්ව තිබීම සහ ගණිතය හෝ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය හෝ ව්‍යවසායක අධ්‍යයනය යන විෂයන්ගෙන් 1 කට සම්මාන ඇතුළුව සම්මාන තුනක් ලබා තිබීම. පාසලේ වාණිජ විෂය ධාරාව යටතේ ඉගැන්වෙන විෂයන් වන්නේ ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයන් ය.