අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

1956.05.02 දින බ/හද්දත්තාව කනිෂ්ඨ විදුහල සිසුන් 130 ක ගෙන් සහ ගුරුවරුන් තිදෙනෙකුගේ ආරම්භ කර ඇත. වර්තමානයේ සිසුන් 505 ක් අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 32 ක් සේවයේ නිරත වේ. මෙම පාසල සොරබොර වැව පාමුළ පිහිටි සොරබොර ජනපදය නම් වු සුන්දර ගම් පියසක පිහිටි වී ගොවිතැනින් ජිවිකාව කරගත් දෙමව්පියන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලකි. වෙල් යායක් මැද පිහිටි මෙම පාසල එම වෙල්යාය මැදින් හමා එන සිහිල් සුළං රැල්ලකින් නිතරම අප වෙහෙස නිවාලන දර්ශනීය පාසලකි.










